විදේශීය කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක් වටලයි

කෝටිපති ව්‍යාපාරිකයකු මෙහෙය වු සුඛෝපභෝගී ගණිකා මධ්‍යස්ථානයක් වටලා ඉන්දුනීසියානු කාන්තාවක් ඇතුළු කාන්තාවන් දෙදෙනකු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංචාරක වීසා මත විදේශ රටවලින් කාන්තාවන් මෙරටට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා මෙම ජාවාරමක් සිදු කරගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම නිවස තුළ තිබී උපත් පාලන කොපු, මුදල් රුපියල් දස දහසක, මෙම ජාවාරම මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයා ට මුදල් බැර කළ බව සටහන් කර තිබූ බැංකු රිසිට්පත් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය මල් පාරේ සුඛෝපභෝගී දෙමහල් නිවසක විදේශීය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ව්‍යාපාරයක් සිදුකරන බවට වලාන දූෂණ මර්දන මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් කණ්ඩායමක් පොලිස් නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවා එහි රැඳී සිටි ඉන්දුනීසියානු කාන්තාවක් රුපියල් දස දහසක මුදලකට ලබාගෙන සුළු මොහොතකදී වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇත්තේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවක් ලබා දෙන පවසා ගුවන් තොටුපොළේ සිට තමන්ව රැගෙන විත් බලහත්කාරෙන් මුදලට අලෙවි කරන බවයි.

අත්අඩංගුවට ගත් වේයන්ගොඩ පදිංචි කළමනාකරු මෙම ජාවාරම මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමට දිනකට රුපියල් 55000ක මුදලක් බැගින් බැර කර ඇති බව එහි තිබී සොයාගත් බැංකු රිසිට් පත්වලින් පැහැදිලි වන බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල කෝටිපති ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂ තුනක මුදලකට මාසික කුලී පදනම මත ලබා ගෙන ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන්.

මෙම ගණිකා මධ්‍යස්ථානය වෙත ප්‍රභූන් මෙන්ම දේශපාලනඥයන් කාන්තාවන්ගේ පහස ලබා ගැනීම සඳහා නිරතුරුවම පැමිණෙන බවට ද කළමනාකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එම කෝටිපති ව්‍යාපාරිකයා මීට පෙර ද ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවසක් මිලට ගෙන විදේශීය කාන්තාවන් ගේ කැමැත්තෙන් තොරව ගණිකා වෘත්තිය යෙදීමේ ව්‍යාපාරයක් සිදුකරගෙන යාම සම්බන්ධයෙන් විදේශීය කාන්තාවන් හත් දෙනකු සමඟ අත්අඩංගුවට පත්ව නඩු පවරා ඇති අයෙක් බවට ද හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොල්ලුපිටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?