විදේශීය කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක් වටලයි

කෝටිපති ව්‍යාපාරිකයකු මෙහෙය වු සුඛෝපභෝගී ගණිකා මධ්‍යස්ථානයක් වටලා ඉන්දුනීසියානු කාන්තාවක් ඇතුළු කාන්තාවන් දෙදෙනකු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංචාරක වීසා මත විදේශ රටවලින් කාන්තාවන් මෙරටට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා මෙම ජාවාරමක් සිදු කරගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම නිවස තුළ තිබී උපත් පාලන කොපු, මුදල් රුපියල් දස දහසක, මෙම ජාවාරම මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයා ට මුදල් බැර කළ බව සටහන් කර තිබූ බැංකු රිසිට්පත් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය මල් පාරේ සුඛෝපභෝගී දෙමහල් නිවසක විදේශීය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ රහසිගත ව්‍යාපාරයක් සිදුකරන බවට වලාන දූෂණ මර්දන මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් කණ්ඩායමක් පොලිස් නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවා එහි රැඳී සිටි ඉන්දුනීසියානු කාන්තාවක් රුපියල් දස දහසක මුදලකට ලබාගෙන සුළු මොහොතකදී වැටලීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇත්තේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවක් ලබා දෙන පවසා ගුවන් තොටුපොළේ සිට තමන්ව රැගෙන විත් බලහත්කාරෙන් මුදලට අලෙවි කරන බවයි.

අත්අඩංගුවට ගත් වේයන්ගොඩ පදිංචි කළමනාකරු මෙම ජාවාරම මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමට දිනකට රුපියල් 55000ක මුදලක් බැගින් බැර කර ඇති බව එහි තිබී සොයාගත් බැංකු රිසිට් පත්වලින් පැහැදිලි වන බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල කෝටිපති ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂ තුනක මුදලකට මාසික කුලී පදනම මත ලබා ගෙන ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සඳහන්.

මෙම ගණිකා මධ්‍යස්ථානය වෙත ප්‍රභූන් මෙන්ම දේශපාලනඥයන් කාන්තාවන්ගේ පහස ලබා ගැනීම සඳහා නිරතුරුවම පැමිණෙන බවට ද කළමනාකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එම කෝටිපති ව්‍යාපාරිකයා මීට පෙර ද ගල්කිස්ස ප්‍රදේශයේ සුඛෝපභෝගි නිවසක් මිලට ගෙන විදේශීය කාන්තාවන් ගේ කැමැත්තෙන් තොරව ගණිකා වෘත්තිය යෙදීමේ ව්‍යාපාරයක් සිදුකරගෙන යාම සම්බන්ධයෙන් විදේශීය කාන්තාවන් හත් දෙනකු සමඟ අත්අඩංගුවට පත්ව නඩු පවරා ඇති අයෙක් බවට ද හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොල්ලුපිටිය පොලිසිය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49