විදෙස් සමාගම් කිහිපයකට සුපිරි අවස්ථාවක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ඒකාධිකාරිය අහෝසි කොට ඉන්දීය තෙල් සමාගමට අමතරව විදේශ සමාගම් කිහිපයකට මෙරටට තෙල් ගෙන ඒමට හා අලෙවි කිරීමට අවසර ලබාදීමට ගෙන ඇති පියවරට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගැනීමට තෙල් සංස්ථා වෘත්තීය සමිති තීරණය කොට ඇත.1961 අංක 27 දරන ලංකා ඛනිජ තෙල් සංස්ථාව ස්ථාපිත කිරීමේ පනත 2001 අංක 33 දරන විශේෂ විධිවිධාන පනත හරහා කොටස් තුනකට කඩා සංස්ථාවේ ඒකාධිකාරිය නැති කළ බවද වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.

තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විදේශ සමාගම්වලට මාස හයකට ලබාදීම ඉතා භයානක බවත් අවසානයේදී පෘතුගීසින්ට රටේ කොටස් බාරදුන් ආකාරයට සංස්ථාව විදෙස් සමාගම්වලට නතුවන බවද කීය.

එනිසා තෙල් සංස්ථාවත්, රටත් රැකගැනීමට සියලු සේවකයන් පෙළගැසී ඉදිරි තීරණ ගන්නා බවද රන්වල මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?