විදෙස් රැකියා පෙන්වා මුදල් වංචා කළ දෙදෙනකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස විදේශ රැකියා නියෝජිත ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් බඳවා ගන්නා ස්ථානයක් බෙන්තොට, අංගාගොඩ ප්‍රදේශයේ පවත්වා ගෙන යන බවට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන්ට තොරතුරක් ලැබීමෙන් පසුව අදාළ විමර්ශනය සිදු කළ බවයි.

එම තොරතුර අනුව විමර්ශන කටයතු සිදු කළ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ අදාළ විදේශ රැකියා ආයතනය ලියාපදිංචි ආයතනයක් නොවන බව ද පැවසෙනවා.

ඒ අනුව අදාළ ස්ථානය වැටලීම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන්
කටයුතු කළා.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 98 ක් ද, විවිධ රටවල්වල රැකියා ලබාදීම සඳහා වන ලියකියවිලි රැසක් ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගෙන ඇති බවයි වාර්තා වූයේ.

එම ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනය පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති විමර්ශන නිලධාරීන් ඔහුව බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට එහිදී නියම කෙරුණා.

මේ අතර, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරයක් ලබාදෙමින් විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගත් තවත් සැකකරුවෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු මාතර – අකුරැස්ස ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන
ගොස් ඇති අතර එම විදේශ රැකියා නියෝජිත ආයතනය ද ලියාපදිංචි නොකළ ස්ථානයක් බවටයි හෙළි ව ඇත්තේ.

සැකකරු පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනය තුළ තිබී විදේශ ගමන් බලපත්‍ර 02 ක් ද,විදේශ රැකියා සඳහා වූ ඉල්ලුම් පත්‍ර ඇතුළු ලියකියවියවිලි රැසක් ද වැටලීම කළ නිලධාරීන් විසින් තම භාරයට ගෙන තිබෙනවා.

එම සැකකරුව මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප 02 ක් මත මුදා හැර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58