Empty Ad
AFC Banner
Empty Ad

විදෙස් රැකියා පෙන්වා මුදල් වංචා කළ දෙදෙනකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස විදේශ රැකියා නියෝජිත ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් බඳවා ගන්නා ස්ථානයක් බෙන්තොට, අංගාගොඩ ප්‍රදේශයේ පවත්වා ගෙන යන බවට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන්ට තොරතුරක් ලැබීමෙන් පසුව අදාළ විමර්ශනය සිදු කළ බවයි.

එම තොරතුර අනුව විමර්ශන කටයතු සිදු කළ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ අදාළ විදේශ රැකියා ආයතනය ලියාපදිංචි ආයතනයක් නොවන බව ද පැවසෙනවා.

ඒ අනුව අදාළ ස්ථානය වැටලීම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන්
කටයුතු කළා.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 98 ක් ද, විවිධ රටවල්වල රැකියා ලබාදීම සඳහා වන ලියකියවිලි රැසක් ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගෙන ඇති බවයි වාර්තා වූයේ.

එම ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනය පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති විමර්ශන නිලධාරීන් ඔහුව බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට එහිදී නියම කෙරුණා.

මේ අතර, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරයක් ලබාදෙමින් විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගත් තවත් සැකකරුවෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු මාතර – අකුරැස්ස ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන
ගොස් ඇති අතර එම විදේශ රැකියා නියෝජිත ආයතනය ද ලියාපදිංචි නොකළ ස්ථානයක් බවටයි හෙළි ව ඇත්තේ.

සැකකරු පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනය තුළ තිබී විදේශ ගමන් බලපත්‍ර 02 ක් ද,විදේශ රැකියා සඳහා වූ ඉල්ලුම් පත්‍ර ඇතුළු ලියකියවියවිලි රැසක් ද වැටලීම කළ නිලධාරීන් විසින් තම භාරයට ගෙන තිබෙනවා.

එම සැකකරුව මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප 02 ක් මත මුදා හැර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>