විදෙස් රැකියාවලට යන අයට සුභ පණිවිඩයක්

ඉදිරි සති කිහිපය තුළ විදේශගත ශ්‍රමිකයින් සදහා විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කරනවා.

රුපියල් 20,000 සිට රුපියල් 100,000 දක්වා වූ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මෙහිදී අවකාශ ලැබෙනවා

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට මෙම විශ්‍රාම වැටුපට හිමිකම් කීමට හැකි.විදේශගත ශ්‍රමිකයින්ට මේ සඳහා විදෙස් මුදල් ඒකකවලින් වාරික ගෙවීමට අවස්ථාව ලැබෙන අතර කිසියම් ශ්‍රමිකයකු දායකත්ව මුදල් ගෙවමින් සිටියදී මිය ගියහොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වාරික මුදල ගෙවා ප්‍රතිලාභ නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ගෙවීමට කටයුතු කරනු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?