විදේශීය රටක නිෂ්පාදනය කරන ලද මිලිමීටර් 3.8ක ප්‍රමාණයේ රිවෝල්වරයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දංකොටුව පොලීසියට භාර දී තිබෙනවා.
ඊයේ (03) රාත්‍රියේ දංකොටුව – යෝගියාන ප්‍රදේශයේ දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව – යෝගියාන පදිංචි 33 හැවිරිදි අයෙක්.
සැකකරු ගුවන් හමුදාවේ කලක් සේවය කර ඉවත් වී ඇති බව පොලීසිය පවසනවා.
සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතනයක් සිදු කර රක්ෂිත බන්ධනාගාරගත ව සිට මෑතකදී ඇප මත නිදහස් වී සිටින අයෙකු බවට ද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
සැකකරුට මෙම ගිනි අවිය ලැබුණු ආකාරය හෝ එය ළඟ තබාගෙන සිටීමට හේතුව මෙතෙක් අනාවරණය කර නැහැ.
දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.