AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් කොටුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ පොලිස් මධ්‍යම අපරාධ පරීක්ෂණ කාර්යාලය හා එක්ව ඊයේ (02 දින කොළඹ වරාය නගරය අවට ප්‍රදේශය තුළ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ විදේශීය දුම්වැටි 1400ක තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය වෙත ලද තොරතුරකට අනුව, කොළඹ පොලිස් මධ්‍යම අපරාධ පරික්‍ෂණ කාර්යාලය හා එක්ව කොළඹ වරාය නගරය ප්‍රදේශයේ දී මෙම සෝදිසි කිරීම සිදු කළ බවයි.

වරාය නගර පිවිසුම් දොරටුව අසල සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කෙරුණු අවස්ථාවේ දී එම පුද්ගලයා සතුව තිබු අලෙවි කිරීමට සුදානම් කළ විදේශීය දුම්වැටි තොගයක් සොයා ගැනීමට කටයුතු කෙරුණා.

මෙම මෙ‍හෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53ක් වන මාතලේ පල්ලේයාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?