විදෙස් තරුණියට රහසඟ පෙන්වූ පුද්ගලයා හඳුනාගැනේ

පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට සංචාරයකට පැමිණි විදෙස් ජාතික තරුණියකට මුහුණදීමට සිදුවූ අනපේක්ෂිත සිදුවීමක් පිළිබඳව සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පෙරේදා දිනයේ විද්‍යුත් තැපෑල ඔස්සේ ඇය විසින් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පැමිණිල්ල සිදුකළ විදෙස් ජාතික තරුණිය පවසා ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මාස 25 වනදා සංචාරයේ යෙදෙමින් සිටිය දී තමන් අසළට පැමිණි තරුණයෙක් අසැබි ක්‍රියාවක නිරත වූ බවයි.

ඇය විසින් මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනයක් ද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

එහි දැක්වෙන්නේ අදාළ තරුණිය අසළට පැමිණි පුද්ගලයෙක් විසින් ඇයට සිය රහසඟ පෙන්වන ආකාරයයි.

ආරුගම්බේ ප්‍රදේශයේ දී අදාළ විදෙස් ජාතික තරුණිය මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගෙන අදාළ නීතිමය කටයුතු සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
34
+1
60
+1
9
+1
10
+1
6
+1
22
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ පළවෙනිදාම කොටුවුණු තහනම් මල් වගාව
00:45
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48
Video thumbnail
සජිත් Team Work දන්න කෙනෙක් නෙවෙයි..මම හිතන්නේ නෑ සජිත් එකතුවෙයි කියලා..
03:45
Video thumbnail
මේක කැරකිලා ඇවිත් පොත අච්චු ග#පු මනුස්සයාට හිරේ යන්න වෙයි..අපි කවදාවත් ළමයින්ට මෙහෙම කළේ නෑ
02:09


?