විදෙස් තරුණියට රහසඟ පෙන්වූ පුද්ගලයා හඳුනාගැනේ

පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට සංචාරයකට පැමිණි විදෙස් ජාතික තරුණියකට මුහුණදීමට සිදුවූ අනපේක්ෂිත සිදුවීමක් පිළිබඳව සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පෙරේදා දිනයේ විද්‍යුත් තැපෑල ඔස්සේ ඇය විසින් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පැමිණිල්ල සිදුකළ විදෙස් ජාතික තරුණිය පවසා ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මාස 25 වනදා සංචාරයේ යෙදෙමින් සිටිය දී තමන් අසළට පැමිණි තරුණයෙක් අසැබි ක්‍රියාවක නිරත වූ බවයි.

ඇය විසින් මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනයක් ද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

එහි දැක්වෙන්නේ අදාළ තරුණිය අසළට පැමිණි පුද්ගලයෙක් විසින් ඇයට සිය රහසඟ පෙන්වන ආකාරයයි.

ආරුගම්බේ ප්‍රදේශයේ දී අදාළ විදෙස් ජාතික තරුණිය මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගෙන අදාළ නීතිමය කටයුතු සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

  1. සංචාරක වියාපාරය දියුනු කිරීමට නම්, මෙවැනි මානසික රෝගීන් සදහා වෛද්‍ය උපදේශයන් හා නව දැඩි නීතී අත්‍යවශ්‍යවේ.

  2. Good to punish this culprit severely as even other persons too will think twice before such malicious attempts.
    The Tourist also will know that Sri lankan law enforcement authorities will take severe punishment for such low class acts.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43