AFC Banner
Empty Ad
Empty Ad

විදෙස්ගතව සිටින අයෙකුට මරණ දඬුවම නියම වෙයි

මීට වසර 28කට පමණ පෙර සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට බලපිටිය මහාධිකරණයේදී මරණ දඬුවම නියම කර තිබෙනවා.

මහ අම්බලන්ගොඩ රේල් ගේට්ටුව ආසන්නයේදී 1996 වසරේ මාර්තු 30 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ චූදිතයන් දෙදෙනෙකුට එරෙහිව පැවති නඩුවක අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

නඩුවේ චූදිතයන් දෙදෙනෙකු සිටි අතර පළමු විත්තිකරු මේ වන විට මියගොස් සිටින බව සඳහන්.

දෙවන විත්තිකරු අධිකරණය මගහැර සිටි අතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහුට මරණ දඬුවම නියම කළා.

එම විත්තිකරු අධිකරණය මගහැර විදෙස්ගතව සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණු අතර අත්අඩංගුවට ගත් දිනයේ සිට එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙසටයි නියෝග කෙරුණේ.

මහ අම්බලන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව අසලදී සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් මෙම නඩුව අම්බලන්ගොඩ පොලිසිය විසින් පවරා තිබුණා.

ඝාතනයට ලක්වී තිබුණේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?