විදෙස්ගතව සිටින අයෙකුට මරණ දඬුවම නියම වෙයි

මීට වසර 28කට පමණ පෙර සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට බලපිටිය මහාධිකරණයේදී මරණ දඬුවම නියම කර තිබෙනවා.

මහ අම්බලන්ගොඩ රේල් ගේට්ටුව ආසන්නයේදී 1996 වසරේ මාර්තු 30 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ චූදිතයන් දෙදෙනෙකුට එරෙහිව පැවති නඩුවක අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

නඩුවේ චූදිතයන් දෙදෙනෙකු සිටි අතර පළමු විත්තිකරු මේ වන විට මියගොස් සිටින බව සඳහන්.

දෙවන විත්තිකරු අධිකරණය මගහැර සිටි අතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහුට මරණ දඬුවම නියම කළා.

එම විත්තිකරු අධිකරණය මගහැර විදෙස්ගතව සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුණු අතර අත්අඩංගුවට ගත් දිනයේ සිට එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙසටයි නියෝග කෙරුණේ.

මහ අම්බලන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව අසලදී සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් මෙම නඩුව අම්බලන්ගොඩ පොලිසිය විසින් පවරා තිබුණා.

ඝාතනයට ලක්වී තිබුණේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22