විදුලි සේවකයින් අද සහ හෙට අසනීප වෙති

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් අද (17) සහ හෙට (18) දිනවල ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිවයි එම සේවකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ.

එමෙන්ම ඔවුන් මේ දකවා සිදුකරගෙන ආ කුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ද මේ වනවිටත් ක්‍රියාත්මකයි.

අද (17) සහ හෙට (18) දිනයේ දී අසනීප නිවාඩු වාර්තා කරන විදුලි සේවකයින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබෙනවා.

ඒ, අනුව අසනීප නිවාඩු වාර්තා කරන විදුලි සේවකයින් අද සහ හෙට දින දෙක තුල කොටස් දෙකකට කොළඹට පැමිණ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට මෙම උද්ඝෝෂණයේ නිරතවීමට නියමිත බවයි විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති පැවසුවේ.

විදුලි වෘත්තිය සමිති පවසන්නේ විදුලිය බිඳ වැටීම් යාවත්කාලීන කිරීම, බිල්පත් ගෙවීම් ආදී සේවාවන් රාජකාරී වේලාවේ පමණක් සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?