විදුලි සේවකයින් අද සහ හෙට අසනීප වෙති

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් අද (17) සහ හෙට (18) දිනවල ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිවයි එම සේවකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ.

එමෙන්ම ඔවුන් මේ දකවා සිදුකරගෙන ආ කුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ද මේ වනවිටත් ක්‍රියාත්මකයි.

අද (17) සහ හෙට (18) දිනයේ දී අසනීප නිවාඩු වාර්තා කරන විදුලි සේවකයින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබෙනවා.

ඒ, අනුව අසනීප නිවාඩු වාර්තා කරන විදුලි සේවකයින් අද සහ හෙට දින දෙක තුල කොටස් දෙකකට කොළඹට පැමිණ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානය ඉදිරිපිට මෙම උද්ඝෝෂණයේ නිරතවීමට නියමිත බවයි විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති පැවසුවේ.

විදුලි වෘත්තිය සමිති පවසන්නේ විදුලිය බිඳ වැටීම් යාවත්කාලීන කිරීම, බිල්පත් ගෙවීම් ආදී සේවාවන් රාජකාරී වේලාවේ පමණක් සිදුකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17