විදුලි සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධවීමෙන් වැළකී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති දැනුම් දෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට විරෝධය පළකරමින් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය ආරම්භ කර තිබෙනවා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරමින් මෙම නව වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සැප්තැම්බර් 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

එහි ඉදිරි පියවරක් ලෙස පසුගිය 17 සහ 18 දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කළ විදුලි සේවකයින් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ද පවත්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?