AFC Banner
AFC Banner
Empty Ad

විදුලි සැර වැදී දැරියක් මරුට

නිවසේ සිදු වූ විදුලි කාන්දුවකින් සිදු වූ අනතුරකින් බාල වයස්කාර දැරිවියක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (18) රාත්‍රී 7ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ නවගත්තේගම – තරණගහවැව ප්‍රදේශයේ බවයි.

14 හැවිරිදි වියෙහි පසු වූ හිමාෂා දිලිනි නමැති මියගිය දැරිය තම නිවසේ තිබූ විදුලි උපකරණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

එම උත්සාහයේ දී ඇයට විදුලි සැර වැදී සිහිමුර්ජාවට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සිදු කරන අතර සිය පියා සහ බාල සහෝදරයින් දෙදෙනා සමග කුලී නිවසක ජීවත් ව තිබෙනවා.

විදුලි සැර වැදුණු දැරිවිය ව කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ ද ඇය ඒ වනවිටත් මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?