විදුලි බිඳ වැටීම වෘත්තිය සමිති ක්‍රියාවක් නොවේ

ඊයේ දිනයේදී සිදු වූ විදුලි බිඳ වැටීම විදුලිය වෘත්තීය සමිති සිදු කළ ක්‍රියාවක් නොවන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ සමස්ත දිවයින පුරා සිදු වූ මෙම හදිසි විදුලි බිඳවැටීම ස්වභාවික බිඳවැටීමක් බවයි.

පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට විදුලි සේවකයන් දැඩි කැපවීමකින් කටයුතු කළ අතර ඔවුන් එලෙස කැප නොවූයේ නම් අද පෙරවරු 6 දක්වා අඳුරේ සිටීමට මහජනතාවට සිදුවන බවයි කොළඹදී අද මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ.

එමෙන්ම එය යථා තත්ත්වයට පත් කිරීමට විදුලි සේවකයන් කටයුතු කළත් අමාත්‍යවරයා ලකුණු දාගැනීමට යන බව පෙනෙන බව ද රංජන් ජයලාල් සඳහන් කළා.

එමෙන්ම මෙම බිඳවැටීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන්ට හා සාමාන්‍ය ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවූ අතර ඒ වෙනුවෙන් රජය විදුලි බිලෙන් 25ක සහනයක් ජනතාවට ලබා දිය යුතු බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ඊයේ දිනයේදී සිදුවූ විදුලි බිඳවැටීම විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති හිතා මතා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයක් ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු නිරුක්ෂ කුමාර මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිහුවා ගත කිරීමේ පනත ඉදිරිපත් කළ දිනයේදීම විදුලි බිඳ වැටීම සිදුවීම පුදුම සහගත බවයි.

එමෙන්ම මෙතරම් විදුලි ඉංජිනේරුවන් සිටියදී ත් මෙවැනි විදුලි බිඳ වැටීමක් සිදුවන්නේ කෙසේ ද කියා ප්‍රශ්නයක් ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ .

මේ හේතුවෙන් කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවට පත් වූ අතර සිදුවූ අලාභය ගණනය කළ නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළා.

ඒ වෙනුවෙන් රජය සහ මෙම වෘත්තිය සමිති වගකිවයුතු බව පෙන්වා දෙමින් ඔහු කියාසිටියේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර සිදුවූ හානිය සම්බන්ධයෙන් හානි පූර්ණයක් කරන ලෙසට ද ඉල්ලා සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?