විදුලි බල සේවාවේ තත්වය උසස් කරන්න බලශක්ති ඇමතිගෙන් උපදෙස්

විදුලි බල සම්ප්‍රේෂණ ක්‍රියාවලිය කඩිනම්ව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙනවා.

විදුලිය බෙදා හැරීම කාර්යක්ෂම කිරීම, බිඳ වැටීම් අවම කිරීම හා පුනර්ජනනීය බලශක්තිය පද්ධතිය තුළට ලබා ගැනීම පහසු කිරීම එහි අරමුණ බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

ඔහු මේ අදහස් පල කළේ ජාතික සම්ප්‍රේෂණ, බොදාහැරීම් ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති කිරින්දිවෙල නව උප පොලවල් 02ක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

ඒ අනුව පෙර තිබූ එකම සම්ප්‍රේෂණ මාර්ගය, බහු මාර්ගික සම්ප්‍රේෂණ ජාලයක් බවට පත් වී පද්ධතිය බිඳවැටීමේ අවදානම අඩු කරන අතර මහවැලි සහ කැලණි විදුලි බලාගාරවල ජල විදුලිය බස්නාහිර පළාතට ගෙනයෑමද මේ මඟින් ශක්තිමත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !