විදුලි පාරිභෝගිකයන්ට විද්‍යුත් බිල්පත්

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රදේශ කිහිපයක් සඳහා විද්‍යුත් බිල් පත් ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය පැවසුවේ ලබන නොවැම්බර් 16 වනදා සිට හොරණ ප්‍රදේශයේ කාර්යාලයට අයත් හොරණ, ඉංගිරිය, බුලත්සිංහල, සහ මොරගහහේන පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල නව බිල්පත් ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.

නොවැම්බර් 20 වනදා සිට බදුල්ල ප්‍රාදේශීය කාර්යාලය යටතේ පවතින බදුල්ල, හාලි-ඇල, සහ පස්සර පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල මෙම නව බිල්පත් ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

එමෙන්ම නොවැම්බර් 20 වනදා සිට රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයේ විෂය පථයට අයත් රත්නපුර මෙට්‍රෝ, නිවිතිගල, මල්වල, ඇලපාත, සහ කලවාන පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල ද ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ලංකා විදුලිබල මණ්ඩලයේ 54 වැනි සංවත්සරයට සමගාමීවයි මෙම නව බිල්පත් පද්ධතිය හඳුන්වා දෙනු ලබන්නේ.

මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය නතර කර නව ඩිජිටල් අත්දැකීමක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක්.

මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම ඉදිරි මාසවලදී ක්‍රමයෙන් අත්හිටුවීමට බලාපොරොත්තුවන බැවින් මෙම පහසු සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙසටයි විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන්ට දැනුම් දෙන්නේ.

මෙම නව හඳුන්වාදීම මගින් වාර්ෂිකව කඩදාසි කොළ මිලියන 100ක් පමණ ඉතිරි කර ගැනීම අපේක්ෂාවයි.

401686820 669703978681798 1284450857568803471 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?