විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව නඩු මගට යන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති කියයි

තමාගේ අනුදැනුමකින් තොරව සහ නිසි ගණනය කිරීමක් නොමැතිව නීති විරෝධීව ඉහළ දැමූ විදුලි ගාස්තුව පිළිනොගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ මහජන උපයෝගීතා කොමිසමේ සෙසු සාමාජිකයන් වැරදි ආකාරයට රැස්වී, ගත් මෙම තීරණයට එරෙහිව සභාපතිවරයා ලෙස සියලුම නීතිමය පියවර ගන්නා බවයි.

විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් රැස්වීම පවත්වා ඇත්තේ ද නිවැරදි ඝණපූර්ණයක් නොමැතිව බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

විදුලි බිල සංශෝධනය කරන ආකාරය විදුලි බල පනතේ පැහැදිළිව සඳහන්ව ඇති අතර 2008 වසරේ දී විදුලිබල මණ්ඩලය වැරදි ආකාරයට කළ විදුලි බිල සංශෝධනයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කළ බව ද සභාපතිවරයා සිහිපත් කළා.

අඩු ආදායම් ලබන පාරිභෝගිකයන්ට සහන ලබාදිය යුතු වන බැවින් ඒ සඳහා තීරණය කිරීම විදුලිබල මණ්ඩලයට නොහැකි අතර එම තීරණය මහජන උපයෝගීතා කොමිසමේ කාර්යයක් බවයි ජනක රත්නායක කියාසිටියේ.

එමෙන්ම තමාගේ කාර්යාලයට මුද්‍රා තැබීමට අධිකරණය දුන් නියෝගයට කිසිඳු විරෝධයක් නොමැති බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

කාර්යාලයට මුද්‍රා තැබීම ඉතා හොඳ නියෝගයක් වන අතර එසේ නොවුයේ නම් තුන්වැනි පාර්ශවයක් සිය කාර්යාලයට කිසියම් දෙයක් දමා ඊට තමා හසුකිරීමට ද ඉඩ තිබූ බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පෙන්වාදුන්නේ.

කාර්යාලය මුද්‍රා තැබීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට සහ දේශපාලන අධිකාරියට ස්තූතිය පළකරන අතර රජයේ මේස සහ පුටු ප්‍රතිපත්තියක් ලෙස පාවිච්චි නොකරන නිසා මුද්‍රා තැබූ කාර්යායේ මේසය සහ පුටුව හැර සෙසු සියලුම දේ රජයට අයිති දේපළ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?