AFC Banner
Empty Ad
Empty Ad

විදුලි කප්පාදුවකට කාල සටහන සකස් කරයි

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් විදුලිය කප්පාදු කිරීමට අදාළ කාලසටහන සකස් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි පැවසුවේ විදුලි කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සදහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ දරන බවයි.

” අපි පුළුවන් තරම් උත්සහ කරනවා අඛණ්ඩව විදුලි සැපයුම සිදුකරන්න. ඒ සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අප ගෙනමින් තිබෙනවා. යම් විදිහකින් නොසිතු අයුරකින් යම් දෙයක් සිදුවුවහොත් අපට සිදුවෙනවා විදුලි සැපයුම විසන්ධි කරන්න. ඒ වෙනුවෙන් අප අවශ්‍ය කාල සටහනක් සකස් කරලා ඊට අවශ්‍ය අනුමැතිය මහජන උපයෝගිතා කොමිසමෙන් ලබා ගත යුතුයි. ඒ නිසා අප අවශ්‍ය කටයුතු කල් තියා සිදුකරමින් සිටිනවා” ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි සඳහන් කර සිටියා.

මේ අතර විදුලි උත්පාදනය සඳහා ගල් අඟුරු සොයා ගැනීමද ඉදිරියේදී ගැටලුවක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික චරිත දයාරත්න පැවසුවේ ගල් අඟුරු මිලදී ගැනීම නිසි ලෙස සිදු නොවුණහොත් ලබන ජූලි මාසය වන විට රටේ ගල් අඟුරු සංචිත අවසන් වීමේ අවදානමක් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?