විදුලි කප්පාදුවකට කාල සටහන සකස් කරයි

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් විදුලිය කප්පාදු කිරීමට අදාළ කාලසටහන සකස් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි පැවසුවේ විදුලි කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සදහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ දරන බවයි.

” අපි පුළුවන් තරම් උත්සහ කරනවා අඛණ්ඩව විදුලි සැපයුම සිදුකරන්න. ඒ සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අප ගෙනමින් තිබෙනවා. යම් විදිහකින් නොසිතු අයුරකින් යම් දෙයක් සිදුවුවහොත් අපට සිදුවෙනවා විදුලි සැපයුම විසන්ධි කරන්න. ඒ වෙනුවෙන් අප අවශ්‍ය කාල සටහනක් සකස් කරලා ඊට අවශ්‍ය අනුමැතිය මහජන උපයෝගිතා කොමිසමෙන් ලබා ගත යුතුයි. ඒ නිසා අප අවශ්‍ය කටයුතු කල් තියා සිදුකරමින් සිටිනවා” ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි සඳහන් කර සිටියා.

මේ අතර විදුලි උත්පාදනය සඳහා ගල් අඟුරු සොයා ගැනීමද ඉදිරියේදී ගැටලුවක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික චරිත දයාරත්න පැවසුවේ ගල් අඟුරු මිලදී ගැනීම නිසි ලෙස සිදු නොවුණහොත් ලබන ජූලි මාසය වන විට රටේ ගල් අඟුරු සංචිත අවසන් වීමේ අවදානමක් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57