විදුලි ඒකකයක් රු.12කින් ඉහළ දමන්න යයි

විදුලි බිල කඩිනමින් වැඩි කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අධ්‍යක්ෂ මණ්ඩල තීරණය විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කරන ලෙස අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත. කෙසේ වෙතත් විදුලිබිල වැඩි කළ යුතු මිල ගණන් වාර්තාව මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය සකස් කරන බවද අනාවරණය වෙයි.

කෙසේ වෙතත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළේ රුපියල් 2.50ක් වන ඒකකයක් රුපියල් පහළොවක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති බවයි. විදුලි බල මණ්ඩලය ඩීසල් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු මුදල් මෙන්ම වෙනත් ගෙවීම් රුපියල් කෝටි 4000 ඉක්මවා ඇති බවද සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මික කියා සිටියේ.

හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා ද අනුමැතිය ලැබී ඇති අතර මෙගාවොට් 200ක් ඒ අනුව මිලදී ගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?