විදුලි ඉංජිනේරුවන් කරන්නට ගිය කඩප්පුලි වැඩ ගැන මහජන උපයෝගිතා කොමිසමේ සභහාපති හෙලි කරයි…

CEB ඉංජිනේරු වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වු බවට අපට පැමිණිලි ලැබී තිබෙනවා.විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්ව තිබියදී මේ නීති විරෝධී ක්‍රියාවක්.අද දිනට විදුලිය කැපීමට අපි අවසර දුන්නේ පැය 2 ¼ පමණයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපිට ලිඛිතව පැමිණිලි කර තිබෙනවා රන්දෙනිගල,රංටැඹේ ජලාශ වල බලාගාර ක්‍රියා විරහිත කිරීම නිසා අක්කර 20000 පමණ වගාබිම් වලට ජලය නැතිව ගොස් තිබෙන බවට.

වෘත්තීය ක්‍රියාමාර්ග ගත යුත්තේ ජනතාව පීඩනයට පත් නොකර.වෘත්තීය සමිතියේ සභාපති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පැය 24 Blackout එකකට යන බවට.ඒක කඩාකප්පල්කාරී ක්‍රියාවක්.එය නීති විරෝධියි. අත්‍යාවශ්‍ය සේවා පණත උල්ළංඝනය කිරීමක්.අවුරුදු 05 බරපතල වැඩ සහිත සිර දඩුවම් ලැබෙන වරදක්.සරමක් ඇදගෙන ඇවිත් CEB ඉදිරිපිට ඔළුවෙන් හිටගත්තාට අපිට කමක් නැහැ. හැබැයි පාරිභෝගිකයා අපහසුතාවයට පත්වෙන්න දෙන්න බැහැ.අපි මීට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.මහජන විභාගයක් පවත්වනවා.ජනතාව ප්‍රකෝප නොකර වෘත්තීය ක්‍රියාමර්ග ගන්න.අපි විහිළු සපයන ආයතනයක් නොවෙයි.

බලාගාර නතර නොකර වැඩට නෑවිත් හිටියාට කමක් නැහැ.දැන් උසාවියෙන් එයාලාට තහනම් නියෝගයක් දී තිබෙන්නේ.මේ මෝඩ වැඩ කරන අය ගැන ජනතාව බලාගනීවී.
දෙසැම්බර් දක්වා විදුලිය නොකපා යන්න $ මිලියන 500 ඉන්ධන අවශ්‍යයි.පුනර්ජණනීය විදුලිය ගන්නා තෙක් විදුලිය කැපීම තව වසර 3-4 පැවතෙයි.

විදුලිය පණත වෙනස් කරගන්න මාසයක කාලයක් තිබ්බා.ඒ කිසි දෙයක් නොකර අද බලය පෙන්වන්න ගියේ.ඉංජිනේරුවෝ කියන විදිහට වැඩි මිළට විදුලිය ගන්න අපෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ.විදුලි බිල ඉහළ දැමිම ගැනත් තීන්දු ගන්නේ අපියි.

විදුලි කප්පාදුවට එරෙහිව අපි නිතිමය පියවර ගන්නවා.CEB GM වෙත බලාත්මක කිරීමේ නියෝගයක් අද අපි නිකුත් කරනවා.ඒ මෙවන් දේ ඉදිරියට නොවෙන්න.මිලියන 07 පාරිභෝගිකයන් ආරක්ෂා කළ යුතුයි.මහජනතාව නැගී සිටිය යුතු කාලය ඇවිත්.
ඉංජිනේරුවෝ 1100 ඉන්නවා. සංගමේ අය අවුරුදු 15 තනතුරු දරනවා.PB රට කෑවා වගේ මෙයාලා විදුලිය කෑවා.අපි ආණ්ඩුව වැරදි නම් ඊටත් එරෙහි වෙනවා.රට හදන්න PUCSL වගේ පණත් සෑම ක්ෂේත්‍රයටම ගෙන ආ යුතුයි.

අදානි එපා නම් අපිටයි කියන්න තිබුණේ.මහජනතාව තළපෙළා ශක්තිය පෙන්වනවාට අපි එකග නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29