AFC Banner
AFC Banner
Empty Ad

විදුලිබල මාධ්‍ය ප්‍රකාශකගේ, ප්‍රකාශය ගැන විනය පියවර ගන්න උපදෙස්

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වතු ජනතාව සහ එම දරුවන් පාඩම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක දී කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලා විනය පියවර ගැනීමට උපදෙස් දී ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

වතු කම්කරුනායකයන් සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ට රජය කිසිදු හානියක් හෝ අපහාසයක් නොකරන බව ද, ඔහු අවධාරණය කළා.

එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව මත විනය පියවර ගන්නා බව, කියා සිටි අග්‍රාමාත්‍යවරයා. මෙම ප්‍රශ්නය මතුකිරීම ගැන විපක්ෂ නායකවරයාටද ස්තුතී කර සිටියා.

බිල ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවක, දරුවන්ට පාඩම් කිරීම සඳහා යාබද නිවසකින් විදුලිය ලබාදීමට යාමේ දී පියා මියයාම පිළිබඳ ප්‍රකාශයක් කරමින්, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා, දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කළ හැකි බවටත්, වතුකරයේ පියවරුන් සවස බීමත් වන බවත්, කියා ඇති බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ,

” I will give a reply. ගරු කතානායකතුමනි, විරුද්ධ පක්ෂයේ නායකතුමා නඟන මේ ප්‍රශ්නයට අපි මේ වන විටත් ඒ නිලධාරියා කර තිබෙන ප්‍රකාශයේ සත්‍ය හා අසත්‍යතාවය මත අවශ්‍ය විනය පියවර ගැනීමට උපදෙස් දීලා තියෙනවා. මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාටත් මේක නැගීම ගැන. ඒවාගේම, රාධක්‍රි‍ෂ්ණන් වතු කම්කරු නායකතුමා මෙතන ඉන්නවා, ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා, තොණ්ඩමන් මහත්තයාලා ඉන්නවා., අපි සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයට රජය කිසිම හානියක් හෝ අපහාසයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?