AFC Banner
Empty Ad
Empty Ad

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් මාර්ගගත ක්‍රමයට බඳවාගැනීම හේතුවෙන් ලක්ෂ 100ක් රජයට ඉතුරුයි

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර බවයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා මින් පෙර රුපියල් මිලියන 13.5ක් වැය වූ අතර මෙවර ඒ සඳහා වැය වූයේ මිලියන 3.5ක මුදලක් බවත් ඒ අනුව රුපියල් මිලියන 10ක මුදලක් රජයට ඉතිරි කරගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා පෙර වසර එකහමාරත් දෙකත් අතර කාලයක් ගත වූ අතර මෙවර මාස 04ක් වැනි ඉතා කෙටිකලක් තුළ එම බඳවාගැනීම් කාර්යක්ෂම ව සිදු කළ හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශකර සිටියා.

‘ඉන්ෆොමැටික් තාක්ෂණික ආයතනය (Informatics Institute of Technology)’ අමාත්‍ය මණ්ඩල හා නීතිපති අනුමැතිය සහිත ව මේ කාර්ය සඳහා පූර්ණ තාක්ෂණික දායකත්වය සපයා දී තිබුණා.

මෙහි දී අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ‍අමාත්‍යවරයා කියා සිටියේ විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටු‍වීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර ලබන සතිය වන විට එම කටයුතු ද නිරවුල් වී එය ලද පසු කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50

?