විද්‍යාපීඨ ශික්ෂණලාභීන් මාර්ගගත ක්‍රමයට බඳවාගැනීම හේතුවෙන් ලක්ෂ 100ක් රජයට ඉතුරුයි

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර බවයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා මින් පෙර රුපියල් මිලියන 13.5ක් වැය වූ අතර මෙවර ඒ සඳහා වැය වූයේ මිලියන 3.5ක මුදලක් බවත් ඒ අනුව රුපියල් මිලියන 10ක මුදලක් රජයට ඉතිරි කරගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා පෙර වසර එකහමාරත් දෙකත් අතර කාලයක් ගත වූ අතර මෙවර මාස 04ක් වැනි ඉතා කෙටිකලක් තුළ එම බඳවාගැනීම් කාර්යක්ෂම ව සිදු කළ හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශකර සිටියා.

‘ඉන්ෆොමැටික් තාක්ෂණික ආයතනය (Informatics Institute of Technology)’ අමාත්‍ය මණ්ඩල හා නීතිපති අනුමැතිය සහිත ව මේ කාර්ය සඳහා පූර්ණ තාක්ෂණික දායකත්වය සපයා දී තිබුණා.

මෙහි දී අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ‍අමාත්‍යවරයා කියා සිටියේ විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටු‍වීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර ලබන සතිය වන විට එම කටයුතු ද නිරවුල් වී එය ලද පසු කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17