AFC Banner
Empty Ad
Empty Ad

විජයදාස රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි

තමා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ දී අධිකරණ විසින් ලබා දුන් නියෝගයක් අනුව කටයුතු කිරිම වැළැක් වූ බව සඳහන් කරමින් එක්තරා යු ටියුබ් වැඩසටහනක් ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයකු වන කිර්ති වික්‍රමරත්න සහ එම වැඩසටහන ඉදිරිපත් කල නිවේදකයකුට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත නීතිමය පියවර ගන්න ලෙස ඉල්ලා ජනාධිපති ධුර අපෙක්ෂක ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිඥ ජයමුදිතා , නීතිඥ ෂාන් රණසුරිය යන නීතිඥ වරු මගින් ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ධුර අපේක්ෂක කිර්ති වික්‍රමරත්න සහ තෘත් විත් චමුදිත යු ටියුබ් නාලිකාවේ නිවේදක චමුදිත සම‍රවික්‍රම නම් කර තිබුණා.

2024 ජුලි මස සිදු කළ එම වැඩසටහන මගින් අධිකරණයට අපහාස කර ඇති බව ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ සිය පෙත්සම මගින් පෙන්වා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
13
+1
1
+1
2
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?