වසර තිහක කුරිරු යුද්ධය අවසන් කිරීමේ විජයග්රහණයේ 15 වැනි සැමරුම අද (19) පස්වරුවේ පැවැත් වෙනවා.
ඒ, බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදීයි.
මෙවර විජයග්රහණයේ සැමරුම උත්සවය පැවැත් වෙන්නේ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධනගේ ප්රධානත්වයෙන්.
මෙම උත්සවයට ත්රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු රණවිරුවන් සහභාගීවීමට නියමිතයි.
ඊට අමතරව යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද මෙම සැමරුම් අවස්ථාවට එක්වනවා.
විජයග්රහණයේ 15 වැනි සැමරුම උත්සවය වෙනුවෙන් අද (19) පස්වරු 3.00ට පොල්දූව හන්දිය, කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල්වීමේ මංතීරුව හා පිටවීම වසා තැබෙන බව පොලිසිය පවසනවා.
රාජගිරිය දෙස සිට පන්නිපිටිය දෙසට ගමන් කිරීමට නියමිත රථවාහන ,පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල දක්වා පැමිණ දකුණට හැරී පාලම් තුන, පැලවත්ත, තලවතුගොඩ හරහා පන්නිපිටිය දක්වා ගමන් කළ හැකියි.
පන්නිපිටිය දෙස සිට රාජගිරිය දෙසට ගමන් කිරීමට නියමිත රථවාහන තලවතුගොඩ, පැලවත්ත, පාලම්තුන හන්දිය, බත්තරමුල්ල, පොල්දූව හරහා රාජගිරිය දක්වා ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.
ඊට අමතරව තලවතුගොඩ, කිඹුලාවල, පිටකෝට්ට හංදියෙන් ඇතුල්කොට්ට මාර්ගය ඔස්සේ රාජගිරිය දක්වා ගමන් කළ හැකි බවත් පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.




