වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය නගරයක් වන පෝරෙපුන්කාහි තුවක්කුකරුවෙක් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඝාතකයා තවත් නිලධාරියෙකුට ද වෙඩි තබා තුවාල සිදුකර කැලෑබද ප්‍රදේශයකට පළා ගොස් ඇති බවට වාර්තා වනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි රහස් පරීක්ෂකවරයෙක් සහ 35 හැවිරිදි ජ්‍යෙෂ්ඨ කොස්තාපල්වරයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර ද මෙම සැකකරු අනීතික සිද්ධීන් කිහිපයකයට චෝදනා ලබා තිබූ අතර ඒ සම්බන්ධව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (24) දින ඔහුගේ නිවාස සෝදිසි කිරීමටද ලක් කර තිබුණා.

ඝාතකයා මේවන විට පලා ගොස් සිටින නිසා ඒ අවට ප්‍රදේශයේ ජනතාව බෙහෙවින් බියට පත්ව ඇති අතර නිවෙස් තුළට වී රැඳී සිටින ලෙස එරට පොලිසිය ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

දැඩිව ගිනි අවි රෙගුලාසි ඇති ඕස්ට්‍රේලියාවේ මෙවැනි ග්‍රාමයන්හි මේ ආකාරයේ වෙඩි තැබීම් බෙහෙවින් දුර්ලබ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?