වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය නගරයක් වන පෝරෙපුන්කාහි තුවක්කුකරුවෙක් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඝාතකයා තවත් නිලධාරියෙකුට ද වෙඩි තබා තුවාල සිදුකර කැලෑබද ප්‍රදේශයකට පළා ගොස් ඇති බවට වාර්තා වනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි රහස් පරීක්ෂකවරයෙක් සහ 35 හැවිරිදි ජ්‍යෙෂ්ඨ කොස්තාපල්වරයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර ද මෙම සැකකරු අනීතික සිද්ධීන් කිහිපයකයට චෝදනා ලබා තිබූ අතර ඒ සම්බන්ධව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (24) දින ඔහුගේ නිවාස සෝදිසි කිරීමටද ලක් කර තිබුණා.

ඝාතකයා මේවන විට පලා ගොස් සිටින නිසා ඒ අවට ප්‍රදේශයේ ජනතාව බෙහෙවින් බියට පත්ව ඇති අතර නිවෙස් තුළට වී රැඳී සිටින ලෙස එරට පොලිසිය ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

දැඩිව ගිනි අවි රෙගුලාසි ඇති ඕස්ට්‍රේලියාවේ මෙවැනි ග්‍රාමයන්හි මේ ආකාරයේ වෙඩි තැබීම් බෙහෙවින් දුර්ලබ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09