වෑන් රථයක් හා යතුරුපැදියක් ගැටී අයෙක් මරුට – පසුපැදිකරු රෝහලට

කුලියාපිටිය – මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේ දී කුලියාපිටිය දෙස සිට මාදම්පේ දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී වෑන් රථය යතුරු පැදියේ ගැටී යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ප්‍රති විරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදු ව අයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ, අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇති අතර පසුපැදිකාරිය නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මරණකරු වයස අවුරුදු 23 ක් වූ බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු සහ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?