වෑන් රථයක් දුම්රියේ ගැටෙයි (වීඩියෝ)

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් අසලදී වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

අද දහවල් කලුතර සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියේ මෙම කුඩා වෑන් රථය ගැටී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තුවාල ලැබූ කාන්තාව පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තරුණ යුවළක් නිවාඩුවක් ගත කිරීම සඳහා ඒ ආසන්නයේ තිබූ නිවාඩු නිකේතනයක් වෙත ගමන් කරමින් සිටියදීයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

දුම්රිය දකුණු කළුතර සිට මරදාන දක්වා ගමන් ගන්නා මන්දගාමී එකක් වන අතර එය වාද්දුව තල්පිටිය රත්නායක පාර හරස් මාර්ගයට ආසන්න වීමේදී ඊට සමාන්තරව කොළඹ දෙසට පැමිණි වෑන් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මඟට ඇතුළත් කිරීම හේතුවෙන් දුම්රියේ ගැටී ඇතැයි සඳහන්.

වෑන් රථය එම ස්ථානයේදීම දුම්රියට සිරවී ඇත.

වෑන් රථයේ සිටි පිරිමි පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් සුරක්ෂිතව බේරාගෙන ඇති අතර කාන්තාව පැයකට ආසන්න කාලයක් වෑන් රථයේ සිරවී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශයේ ජනතාව සහ කළුතර නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණ පැයකට පසු එම කාන්තාව මුදාගෙන සුවසැරිය ගිලන් රථයකින් පානදුර රෝහල වෙත යොමු කර තිබෙනවා.

ඇයගේ පාදයකට තුවාල සිදුව ඇතැයි සඳහන්.

මෙම වෑන් රථයේ පැමිණි තරුණ යුවළ පෙම්වතුන් වන අතර ඔවුන් කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අනතුරින් දුම්රියේ ඉදිරි පසට ද හානි සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් වාද්දූව පොලිසිය සහ දුම්රිය ආරක්ෂක අංශය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
4
+1
11
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?