වෑන් රථයක් දුම්රියේ ගැටෙයි (වීඩියෝ)

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් අසලදී වෑන් රථයක් දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

අද දහවල් කලුතර සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියේ මෙම කුඩා වෑන් රථය ගැටී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තුවාල ලැබූ කාන්තාව පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තරුණ යුවළක් නිවාඩුවක් ගත කිරීම සඳහා ඒ ආසන්නයේ තිබූ නිවාඩු නිකේතනයක් වෙත ගමන් කරමින් සිටියදීයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

දුම්රිය දකුණු කළුතර සිට මරදාන දක්වා ගමන් ගන්නා මන්දගාමී එකක් වන අතර එය වාද්දුව තල්පිටිය රත්නායක පාර හරස් මාර්ගයට ආසන්න වීමේදී ඊට සමාන්තරව කොළඹ දෙසට පැමිණි වෑන් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මඟට ඇතුළත් කිරීම හේතුවෙන් දුම්රියේ ගැටී ඇතැයි සඳහන්.

වෑන් රථය එම ස්ථානයේදීම දුම්රියට සිරවී ඇත.

වෑන් රථයේ සිටි පිරිමි පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් සුරක්ෂිතව බේරාගෙන ඇති අතර කාන්තාව පැයකට ආසන්න කාලයක් වෑන් රථයේ සිරවී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශයේ ජනතාව සහ කළුතර නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණ පැයකට පසු එම කාන්තාව මුදාගෙන සුවසැරිය ගිලන් රථයකින් පානදුර රෝහල වෙත යොමු කර තිබෙනවා.

ඇයගේ පාදයකට තුවාල සිදුව ඇතැයි සඳහන්.

මෙම වෑන් රථයේ පැමිණි තරුණ යුවළ පෙම්වතුන් වන අතර ඔවුන් කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අනතුරින් දුම්රියේ ඉදිරි පසට ද හානි සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් වාද්දූව පොලිසිය සහ දුම්රිය ආරක්ෂක අංශය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26