වැසි තත්වය එලෙසම

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු පළාතේ සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් දන්වා සිටියා.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන පැ. කි. මි. 40 – 45 ක පමණ තද සුළං ද ඇති වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
3
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?