වැස්සත් සමඟ වායුවේ ගුණත්වය පහළට (වීඩියෝ)

මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු ගුණත්වය පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කළේ පසුගියදා ඇති වූ අධික වර්ෂාපතන තත්ත්වයත් සමඟ එය පහළ යෑමක් පෙන්නුම් කරන බවයි.

ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය 50 අඩු අගයක තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වනවිට පවතින තත්ත්වය මත දිවයිනේ බොහෝ ප්‍රදේශවල මීදුම් තත්ත්වයකට සමාන දූවිලි තත්ත්වයක් දක්නට ලැබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු සහ අන්තර් දේශ සීමාවේ තිබෙන වායු දූෂකකාරක රටට ඇතුළුවීම මීට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් හෙට (30) දිනය වනවිට මෙම තත්ත්වය පහව යනු ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර සිටියා.

වායුවේ පවතින අහිතකර තත්ත්වය හේතුවෙන් ස්වසන අපහසුතා ඇති පුද්ගලයින් ප්‍රවේශම්වීම වැදගත් බව ද මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?