AFC Banner
Empty Ad
Empty Ad

වැස්සට සේදුනු ශ්‍රී ලංකා – කොදෙව් තුන්වන එක්දින තරගය ගැන තීරණයක්

වර්ෂාව හේතුවන් අතර මඟ නැවත දැමූ ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තුන්වන සහ අවසන් එක්දින තරගය යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව තරගය එක් ඉනිමක් පන්දුවාර 25 කට සීමා කිරීමටයි තරග තීරකවරයා ඇතුළු විනිසුරුවරුන් කටයුතු කර ඇති අතර, පස්වරු 8.50ට තරගය යළි ආරම්භ වන බවයි පල්ලේකැලෙන් තොරතුරු වාර්තා වුණේ.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (26) පස්වරු 2.30ට ආරම්භ වූ මෙම තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ 18 වන පන්දුවාරයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ, වනවිට ශ්‍රී ලංකාව ඒක්‌ කඩුල්ලක් දැවී ලකුණු 81ක් රැස්කරගෙන සිටියා.

කඩින් කඩ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට පැය කිහිපයකින්ම ප්‍රමාද වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?