වැස්සට සේදුණු ඉන්දු – පාකිස්තාන ගැටුමෙන් පසු ආසියානු ක්‍රිකට් කවුන්සිලයට ෂෙවාග්ගෙන් හින්ට් එකක්

ඉන්දියාව සහ පාකිස්තානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ තරගය වර්ෂාවට සේදීයාමත් සමඟ ආසියානු ක්‍රිකට් කවුන්සිලය දැඩි විවේචනයට ලක් වුණා.

ඒ, මෙවර තරගාවලියේ දී පාකිස්තානය සමඟ දෙවන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන්.

එහිදී පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) හිටපු සභාපති නජාම් සේති මේ සම්බන්ධයන් පළමුව ප්‍රසිද්ධියේ ආසියානු ක්‍රිකට් කවුන්සිලය විවේචනයට ලක් කළා.

නජාම් සේති කියා සිටියේ ශ්‍රී ලංකාවේ දී තරගවලට වර්ෂාවෙන් බාධා ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පවත්වන තරග සියල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන ලෙසට ආසියානු ක්‍රිකට් කවුන්සිලයට තමන් දැඩි ලෙස උපදෙස් දුන් බවයි.

කෙසේ වෙතත් ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන් ඩුබායි හි කාලගුණය ඉතා උණුසුම් බව පවසමින් තම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ඔහු පවසනවා.

මේ අතර මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දුර්වල කාලසටහන් සම්බන්ධයෙන් ඉන්දීය හිටපු ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් ද ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඉතා කපටි ලෙස විවේචනය කර තිබුණා.

එහිදී ට්විටර් හෙවත් එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ෂෙවාග් පවසා තිබුණේ “වැස්ස කාලෙට අපි තේ, පකෝඩා තියාගන්නවා. ආසියානු කුසලානය ද තබා ඇත.” යනුවෙන්.

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
16
+1
4
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?