වැස්සට සේදුණු ඉන්දු – පාකිස්තාන ගැටුමෙන් පසු ආසියානු ක්‍රිකට් කවුන්සිලයට ෂෙවාග්ගෙන් හින්ට් එකක්

ඉන්දියාව සහ පාකිස්තානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ තරගය වර්ෂාවට සේදීයාමත් සමඟ ආසියානු ක්‍රිකට් කවුන්සිලය දැඩි විවේචනයට ලක් වුණා.

ඒ, මෙවර තරගාවලියේ දී පාකිස්තානය සමඟ දෙවන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන්.

එහිදී පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) හිටපු සභාපති නජාම් සේති මේ සම්බන්ධයන් පළමුව ප්‍රසිද්ධියේ ආසියානු ක්‍රිකට් කවුන්සිලය විවේචනයට ලක් කළා.

නජාම් සේති කියා සිටියේ ශ්‍රී ලංකාවේ දී තරගවලට වර්ෂාවෙන් බාධා ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පවත්වන තරග සියල්ල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන ලෙසට ආසියානු ක්‍රිකට් කවුන්සිලයට තමන් දැඩි ලෙස උපදෙස් දුන් බවයි.

කෙසේ වෙතත් ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන් ඩුබායි හි කාලගුණය ඉතා උණුසුම් බව පවසමින් තම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ඔහු පවසනවා.

මේ අතර මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දුර්වල කාලසටහන් සම්බන්ධයෙන් ඉන්දීය හිටපු ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් ද ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඉතා කපටි ලෙස විවේචනය කර තිබුණා.

එහිදී ට්විටර් හෙවත් එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ෂෙවාග් පවසා තිබුණේ “වැස්ස කාලෙට අපි තේ, පකෝඩා තියාගන්නවා. ආසියානු කුසලානය ද තබා ඇත.” යනුවෙන්.

02
  1. Dambulla International Cricket Stadium had a great opportunity to host all these matches but Sri Lanka missed that opportunity due to the stupid decisions of srilanka cricket board. And these days there is a good climateStupid arrogant officers of Sri Lankan Cricket Board have no knowledge about the climatic pattern of Sri Lanka.Dambulle Stadium usually has very good weather conditions at this time because it is located in the dry zone of Sri LankaThe Sri Lanka Cricket Board has paved the way for the destruction of the Dambulla International Cricket Stadium without taking advantage of its valuable location.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06