වැවකින් මතු වූ කැනඩා සිහිනය

කැනඩාවට පිටත්ව යාමට සුදානමින් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ(30) මල්ලාවි – වවුනිකුලම වැවේ තිබී සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ මුලතිව් – මල්ලාවි, යෝගපුරම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ආනන්දරාසා සජීවන් නමැති තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස හමු ව ඇති බවයි.

අදාළ තරුණයා කැනඩාව බලා පිටත්ව යාමට අගෝස්තු 01 වැනිදා සුදානම්න් සිට ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක් ඩොලර්වලට මාරු කිරීමට ගොස් ඇති අතර, අදාළ අවස්ථාවේ දී තරුණයා මරණයට පත් ව ඇති බවටත් තොරතුරු ලැබී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

තරුණයා 30 වැනිදා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, අනතුරුව තරුණයාගේ දුරකථනයෙන් පිළිතුරු නොලැබී ඇති බවත්, සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිලි මත පරීක්ෂා කර බැලීමේ දී තරුණයාගේ යතුරුපැදිය වවුනිකුලම වැව අසල තිබී සොයාගත් බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරුව තරුණයා සොයා ප්‍රදේශවාසීන් හා පොලිසිය අදාළ ප්‍රදේශයේ පරීක්ෂා කිරීමේ දීයි; වවුනිකුලම වැවේ තිබී තරුණයාගේ මළ සිරුර හමු ව ඇත්තේ.

තරුණයාගේ මුදල් දැක අදාළ මුදල ලබා ගැනීමට තරුණයා ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
11
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?