වැවකින් මතු වූ කැනඩා සිහිනය

කැනඩාවට පිටත්ව යාමට සුදානමින් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ(30) මල්ලාවි – වවුනිකුලම වැවේ තිබී සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ මුලතිව් – මල්ලාවි, යෝගපුරම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ආනන්දරාසා සජීවන් නමැති තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස හමු ව ඇති බවයි.

අදාළ තරුණයා කැනඩාව බලා පිටත්ව යාමට අගෝස්තු 01 වැනිදා සුදානම්න් සිට ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක් ඩොලර්වලට මාරු කිරීමට ගොස් ඇති අතර, අදාළ අවස්ථාවේ දී තරුණයා මරණයට පත් ව ඇති බවටත් තොරතුරු ලැබී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

තරුණයා 30 වැනිදා නිවසින් පිටත්ව ගොස් ඇති අතර, අනතුරුව තරුණයාගේ දුරකථනයෙන් පිළිතුරු නොලැබී ඇති බවත්, සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිලි මත පරීක්ෂා කර බැලීමේ දී තරුණයාගේ යතුරුපැදිය වවුනිකුලම වැව අසල තිබී සොයාගත් බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරුව තරුණයා සොයා ප්‍රදේශවාසීන් හා පොලිසිය අදාළ ප්‍රදේශයේ පරීක්ෂා කිරීමේ දීයි; වවුනිකුලම වැවේ තිබී තරුණයාගේ මළ සිරුර හමු ව ඇත්තේ.

තරුණයාගේ මුදල් දැක අදාළ මුදල ලබා ගැනීමට තරුණයා ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18