වැලි කොට්ට ගොඩෙන් ආ මාරයා දරුවෙක් බිළිගනී

ඌව පරණගම කරගහඋල්පත ප්‍රදේශයේ දී වයස අවුරුදු නවයක පිරිමි දරුවෙකු නිවසේ පසෙක අසුරා තිබූ වැලි කොට්ට පෙරළී යාමෙන් මියගොස් තිබෙනවා.

ඊයේ (12) සවස 6.30ට පමණ ,නිවැසියන් බැහැරව සිටි අවස්ථාවක මෙම මරණය සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

නිවස ආසන්නයේ බිත්තියකට හේත්තු කරමින් අසුරා තිබූ වැලි බෑග් තොගයක්, ළමයාගේ ඇඟට වැටී මෙම අවාසනාවන්ත මරණය සිදු වන්නට ඇති පොලිසිය සැක පළ කරනවා.

මියගිය දරුවාගේ මව එදින සවස 6.30ට පමණ නිවසට පැමිණ බලන විට දරුවා වැලිගොඩ අසල වැටී සිටින ආකාරය දැක ඇති අතර, අනතුරුව දරුවා ඌවපරණගම රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමට යන අතරමගදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය අදාළ ස්ථානයේ ස්ථානිය පරීක්ෂණයක් ද සිදු කළ අතර, වැලිමඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ස්ථාන පරීක්ෂණයක් ද සිදු කර තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ සඳහා මෘත ශරීරය ඌවපරණගම රෝහලේ සිට දියතලාව මහ රෝහලට යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඌවපරණගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26