AFC Banner
AFC Banner
Empty Ad

වැලිමඩ සිසුන් 05ක් ගුලි සමග පොලිස් අත්අඩංගුවට

අන්තර්ජාලය මගින් මදන මෝදක ගෙන්වා පාසල් සිසුන්ට අලෙවිකල පාසල් සිසුන් දෙදෙනෙකු වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිසිය විසින් වැලිමඩ නගරයේ උපකාරක පන්ති පැමිණෙන සිසුන්ව පරික්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

එහිදී සිසුන් පස්දෙනෙකු සන්තකයේ තිබී මදන මෝදක පැකට් 18ක් සොයා ගැනීමටයි හැකිවී ඇත්තේ .

ඉන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම වලදී අනාවරණය වී ඇත්තේ මෙම පස් දෙනා අතරින් 18වන වියේ පසුවන දෙදෙනෙකු අන්තර්ජාලය ඔස්සේ මෙලෙස මදන මෝදක ගෙන්වා අලෙවි කර ඇති බවයි.

එමෙන්ම ඔවුන් දෙදෙනා මෙම එක් පැකට්ටුවක් රුපියල් 250කට අලෙවි කර ඇති බවද අනාවරණය වුණා.

එමෙන්ම මදන මෝදක මිලට ගෙන තිබු අනෙක් සිසුන් තිදෙනා 16වන වියේ පසුවන බවද ඔවුන් වැලිමඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන බවද පොලිසිය සදහන් කළා.

අදාළ සිදුවීම පිලිබදව වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
10
+1
34
+1
2
+1
8
+1
5
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?