මුලටියන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කටයුතු කරන සංජුලා පියදිගම මහත්මිය මෙවර සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් කටයුතු කරන බවයි.
මන්ත්‍රීවරියගේ නිවස ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස රෝහල ආසන්නයේ පිහිටා තිබෙන බවත් පැවසෙනවා.
කෙසේවෙතත් මන්ත්‍රීවරිය නිවසේ රැඳී සිටියදී දීර්ඝ කාලයක් සිට දේශපාලන වශයෙන් හඳුනන බව කියන මුලටියන ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (10) දින පස්වරු 6:15ට පමණ කැබ් රථයකින් පැමිණ මන්ත්‍රීවරියගේ නිවස අසල නවතා කැබ් රථයේ නලාව නාද කර අසා ඇත්තේ ජුලි 24 වැනිදා සභාව පිහිටුවනවා ද යන්නයි.
ඊට මන්ත්‍රීවරිය ‘ඔව්’ යනුවෙන් පිළිතුරු ලබා දී තිබෙනවා.
එවිට අදාළ සැකකාර පුද්ගලයා පවසා ඇත්තේ;
”සභාවට ආවොත් මරලා හංගනවා, රස්සාවටත් අවුලක් වෙන්න පුළුවන්, ගෙදරට වෙලා හිටපන්” යනුවෙන් බවයි මන්ත්‍රීවරිය වැලිගම පොලිසියට ගොනු කළ පැමිණිල්ලේ ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා.





