වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකට මරන බවට තර්ජන

මුලටියන ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කටයුතු කරන සංජුලා පියදිගම මහත්මිය මෙවර සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් කටයුතු කරන බවයි.

මන්ත්‍රීවරියගේ නිවස ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස රෝහල ආසන්නයේ පිහිටා තිබෙන බවත් පැවසෙනවා.

කෙසේවෙතත් මන්ත්‍රීවරිය නිවසේ රැඳී සිටියදී දීර්ඝ කාලයක් සිට දේශපාලන වශයෙන් හඳුනන බව කියන මුලටියන ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (10) දින පස්වරු 6:15ට පමණ කැබ් රථයකින් පැමිණ මන්ත්‍රීවරියගේ නිවස අසල නවතා කැබ් රථයේ නලාව නාද කර අසා ඇත්තේ ජුලි 24 වැනිදා සභාව පිහිටුවනවා ද යන්නයි.

ඊට මන්ත්‍රීවරිය ‘ඔව්’ යනුවෙන් පිළිතුරු ලබා දී තිබෙනවා.

එවිට අදාළ සැකකාර පුද්ගලයා පවසා ඇත්තේ;

”සභාවට ආවොත් මරලා හංගනවා, රස්සාවටත් අවුලක් වෙන්න පුළුවන්, ගෙදරට වෙලා හිටපන්” යනුවෙන් බවයි මන්ත්‍රීවරිය වැලිගම පොලිසියට ගොනු කළ පැමිණිල්ලේ ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06