AFC Banner
AFC Banner
Empty Ad

වැලිකන්දේ බස් රථ අනතුරක් – 30ක් රෝහල්ගත කෙරේ

බස් රථ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද පෙරවරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ පොළොන්නරුව – වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ දීයි.

බස් රථය අධික වේගයෙන් පැමිණීම නිසා, රථයේ රියදුරුට එය පාලනය කරගැනීමට නොහැකි ව ඇති බවත් වාර්තා වනවා.

ඒ සමග බස් රථය මාර්ගයෙන් ඉවත පැන ලිස්සා ගොස් බෑවුම් කොටසකට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බස් රථය අනතුරට ලක් වන අවස්ථාවේ දී එහි මගීන් 80ක් පමණ ගමන් කරමින් සිට තිබෙනවා.

මෙය පෞද්ගලික සහල් මෝලක සේවයේ නිරත සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් බවටයි පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

තුවාල ලැබූවන් වැලිකන්ද රෝහලට ද, වැඩිදුර ප්‍රතිකාර ලැබීම සඳහා තවත් පිරිසක් පොළොන්නරුව රෝහලට ද මාරු කර යවා තිබෙනවා.

දැනට වාර්තා වන පරිදි කිසිදු ජීවිතයකට මරණීය බලපෑම් මෙම අනතුරින් සිදු ව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
8
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?