Indian Premier League

වැල්ලවත්තේදී දුම්රියේ ගැටීමෙන් ඉන්දීය ජාතිකයෙක් ජීවිතක්ෂයට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ දහවල් මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු තම බිරිඳ සමග මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දෙහිවල සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.

වැල්ලවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?