Indian Premier League

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ඊයේ (18) රාත්‍රියේ වැල්ලම්පිටිය, අයි.ඩී.එච් පාරට හැරෙන හන්දිය අසලදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා පළතුරු වෙළෙඳසැලක් ආසන්නයේ රැඳී සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නැහැ.

වැල්ලම්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?