වැල්ලම්පිටියේ කාන්තාව ඝාතනය කළ මෙහෙකාරිය සහ අනියම් සැමියා අල්ලයි

වැල්ලම්පිටිය ලන්සියාවත්ත ප්‍රදේශයේ නිවෙස් හිමි කාන්තාවක් ඝාතනය කර රුපියල් ලක්ෂ 50 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් රැගෙන පළාගිය මෙහෙකාරිය සහ ඇයගේ අනියම් සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය 29 හැවිරිදි මාස 5ක ගැබිණියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය 15 වැනි දින ඝාතනයට ලක්වූ 60 හැවිරිදි කාන්තාව මීට මාස 6 කට පමණ ඉහතදී ලන්සියාවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පහත මහල කුලීපදනම මත ලබාගෙන කුඩා මුණුපුරන් දෙදෙනකු සමග පදිංචියට පැමිණ තිබෙනවා.

කලකට ඉහත දී මෙම නිවසේ මෙහෙකාර සේවයේ නිරත වූ සැකකාරිය ඝාතන සිද්ධියට සති දෙකකට පමණ ඉහත දී නැවතත් එම නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණ තිබූ බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු සැකකාරියගේ මස්සිනා වන අතර ඔවුන් දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවයක් ගොඩනැඟී සැකකාරිය පස් මස් ගැබිණියක් බවට ද පත්ව තිබූ බව පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

ඔවුන් මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර වෙනම ගෙයක් කුලියට අරගෙන ජීවත් වෙමු යැයි සැකකරු කළ යෝජනාවට සැකකාරිය මුලින් අකමැති වී පසුව සිය කැමැත්ත ප්‍රකාශ කර තිබූ බව සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙනවා.

ඊට මුදල් අවශ්‍ය බැවින්  අනියම් සැමියා වන මස්සිනා කළ යෝජනාවක් අනුව නිවෙසින් කාන්තාව බිය කර මුදල්  ගැනීමට ඔවුන් සැලසුම් කර තිබූ බව සඳහන්.

ඒ අනුව පසුගිය 15 වැනි දින සිය අනියම් සැමියා වන මස්සිනා රාත්‍රී 11ට පමණ නිවස තුළට කැඳවා ගත් සැකකාරිය  ඔහු සමග එක්ව නිදා සිටි කාන්තාව හැද සිටි මුන්දානියෙන් (සෝල්) කට ගැට ගසා ඇති අතර, එම අවස්ථාවේදී  කාන්තාව සැකකරුගේ අත සපා ඇති බටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඒ  සමගම කාන්තාව කෑ ගසා ඇති අතර සැකකාරිය අත් දෙක අල්ලා සිටිය දී නාසය සහ කට වැසෙන සේ සැකකරු ඒ අසල තිබූ කොට්ටයක් ගෙන තද කර ඇතැයි ද එයින් බේරීම සඳහා කාන්තාව දැඩි උත්සාහයක් ගෙන සැකකරුගේ පිටද සූරා තිබූ අතර ටික වේලාවක දී කාන්තාව කිසිදු ශබ්දයක් නොකර නිසොල්මන් වූ බව සැකකරු හා සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළිකරගෙන තිබෙනවා.

අනතුරුව සැකකරු හා සැකකාරිය අල්මාරියේ තිබූ රන්මාල දෙකක්, වළලු හයක්, මුදු හතක්, විදේශ රටවලට අයත් කාසි, රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මෙරට මුදල්, එම කාන්තාවගේ ඇඳුම් සහ කාන්තාවගේ දියණියගේ ඇඳුම්ද රැගෙන අලුයම  එකට පමණ නිවසින් පිටවී ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව සැකකාර යුවළ මට්ටක්කුලිය සමිත්පුර නිවසට ගොස් මද වේලාවකින් එයින් පිටවී මොණරාගල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක එදින ගත කර තිබූ බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකාරිය රූපලාවණ්‍යාගාරයකට ගොස්  සිය හිස කෙස් ස්ට්‍රේට් කර ඇතැයි ද සඳහන්.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර  පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලබාදුන් උපදෙස් අනුව පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදු කරමින් සිටියදී නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් අනුව සැකකරු හා සැකකාරිය මරදාන ටෙක්නිකල් හන්දියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කාන්තාව සතුව තිබූ අත් බෑගයේ තිබී වැල්ලම්පිටියෙන් නිවෙස් හිමිකාරිය ඝාතනය කර කොල්ලකෑ රන් භාණ්ඩ සහ මුදල් පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්.

එක් රන් මුදුවක් අකුරණ ප්‍රදේශයේ ස්ථානයකට උකස්කර මුදල් ලබාගෙන තිබූ බව ද පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

ඝාතනයෙන් පසු දින 4ක් තුළ සැකකරු හා සැකකාරිය මාතර, මහානුවර, අම්බලන්තොට ආදී ප්‍රදේශවල සැරිසරමින් නිවාඩු නිකේතනවල ගත කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 24ක් වන අතර සැකකාරියගේ වයස අවුරුදු 28ක්.

සැකකරු හා සැකකාරිය අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04