AFC Banner
Empty Ad
Empty Ad

වැඩ නොකරන සතියක් නම් කරයි

‘කොවිඩ් 19’ ආසාදිතයන්, හිටිහැටියේ වැඩිවීම සැලකිල්ලට ගනිමින්, ‘වැඩ නොකරන සතියක්’ ලෙස එක් සතියක් ප්‍රකාශයට පත් කරමින්, මොස්කව් අගනුවර සියලු කටයුතු සතියක කාලයක් සම්පූර්ණයෙන් නවතා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඊයේ (13) දිනයෙන්, රුසියාවෙන් කොවිඩ් ආසාදිතයන් 6,701 දෙනකු වාර්තා වුණා. පසුගිය පෙබරවාරි මාසයෙන් පසු, මොස්කව් නුවරින් වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, අගනුවර සතියක් වසා දැමීමට මොස්කව් නගර බලධාරීන් තීරණය කළ අවස්ථාවේදී, රුසියන් රජයේ අනුමැතිය වහා ඊට හිමිවුණා.

ඒ අනුව හෙට (15) වැනිදා සිට සතියක කාලයක්, වැටුප් සහිත වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කිරීමට මොස්කව් නගරාධිපතිවරයා ඊයේ (14) කටයුතු කර තිබෙනවා.

මේ වනවිට රුසියාවෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් ගණන 5,208,687 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 126,430 ක් ලෙසයි . 4,801,335 ක් සුවය ලබා තිබෙනවා. රුසියාව, එරට වැසියන්ට ලබා දෙන්නේ ඔවුන් නිපදවා ඇති ‘ස්පුට්නික් 5’ ප්‍රතිශක්තිකරණ එන්නතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?