වැඩ නොකරන සතියක් නම් කරයි

‘කොවිඩ් 19’ ආසාදිතයන්, හිටිහැටියේ වැඩිවීම සැලකිල්ලට ගනිමින්, ‘වැඩ නොකරන සතියක්’ ලෙස එක් සතියක් ප්‍රකාශයට පත් කරමින්, මොස්කව් අගනුවර සියලු කටයුතු සතියක කාලයක් සම්පූර්ණයෙන් නවතා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඊයේ (13) දිනයෙන්, රුසියාවෙන් කොවිඩ් ආසාදිතයන් 6,701 දෙනකු වාර්තා වුණා. පසුගිය පෙබරවාරි මාසයෙන් පසු, මොස්කව් නුවරින් වැඩිම ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, අගනුවර සතියක් වසා දැමීමට මොස්කව් නගර බලධාරීන් තීරණය කළ අවස්ථාවේදී, රුසියන් රජයේ අනුමැතිය වහා ඊට හිමිවුණා.

ඒ අනුව හෙට (15) වැනිදා සිට සතියක කාලයක්, වැටුප් සහිත වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කිරීමට මොස්කව් නගරාධිපතිවරයා ඊයේ (14) කටයුතු කර තිබෙනවා.

මේ වනවිට රුසියාවෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් ගණන 5,208,687 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 126,430 ක් ලෙසයි . 4,801,335 ක් සුවය ලබා තිබෙනවා. රුසියාව, එරට වැසියන්ට ලබා දෙන්නේ ඔවුන් නිපදවා ඇති ‘ස්පුට්නික් 5’ ප්‍රතිශක්තිකරණ එන්නතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14