වැඩි මිලට සිමෙන්ති විකිණූ සියයක්  අත්අඩංගුවට

වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ වෙළඳුන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන මේවනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරියේදී නිළධාරීන් වැඩි පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළඳුන්ගේ අලෙවි නියෝජිතභාවය අහෝසි කරන ලෙස අදාළ සිමෙන්ති සමාගම් වෙත උපදෙස් ලබාදී ඇති බවද අප කළ කරුණු විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?